මහනුවර ආයුර්වේද ඖෂධ වෙළඳ සමාගම

නුවර ඔසු විශේෂ අවස්ථා

අපගේ සන්ධිස්ථාන, සාම්ප්‍රදායික සැමරුම්
සහ සෞඛ්‍ය වැඩසටහන් ඔස්සේ දිවෙන දෘශ්‍ය චාරිකාවක්.

📅
2026 මාර්තු 3
ශාඛා විවෘත කිරීම
අපගේ මුල්ගම්පොල ශාඛාව, දැන් නවතම පෙනුමකින්!
ශාඛා විවෘත කිරීමේ උත්සවය
2026.03.05 — මුල්ගම්පොල "නුවර ඔසු" ශාඛා විවෘත කිරීමේ උත්සවය
අපගේ මුල්ගම්පොල අලෙවිසැල දැන් නුවර ඔසු නිෂ්පාදන අංශය වෙත ගෙන ගොස් ඇති බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු (2026 මාර්තු 5 දින සිට ක්‍රියාත්මක වේ).

අපගේ නිෂ්පාදනාගාර වෙතින් සෘජුවම ලබාගන්නා උසස් තත්ත්වයේ, විශ්වාසදායක ඖෂධ දැන් ඔබට පහසුවෙන් ලබාගත හැක. ඔබට දැකගත හැකි ගුණාත්මකභාවය, ඔබට දැනෙන ප්‍රතිඵලය.
📍
අපව සොයා ගන්නනො. 893, පේරාදෙණිය පාර, මුල්ගම්පොල.
📞
අපව අමතන්න081 238 6530
විශ්වාසනීය ආයුර්වේද සත්කාරය කෙරෙහි අඛණ්ඩව තැබූ විශ්වාසය වෙනුවෙන් සමස්ත නුවර ඔසු පවුලටම අපගේ ස්තූතිය!
📅
2026 පෙබරවාරි 15
වෛද්‍ය සායනය
නුවර ඔසු ප්‍රජා සුවසත්කාරය: නොමිලේ පැවැත්වූ වෛද්‍ය සායනය
නොමිලේ පැවැත්වූ වෛද්‍ය සායන උත්සවය
2026-02-15 — නුවර ඔසු නොමිලේ පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනය
2026.02.15 දින අප ආයතනය මගින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය සායනය සාර්ථකව පවත්වාගෙන යාමට සහයෝගය දැක්වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ට සහ තම ආයුර්වේද වෛද්‍ය නිපුනතාවයෙන් අප හට අනුග්‍රහය දැක්වූ මතු සඳහන් වෛද්‍යතුමන්ලා සහ වෛද්‍යතුමියන්ට අපගේ උපහාරය හිමිවේ:

වෛද්‍ය ඒ. එම්. හීන්නිලමේ මහතා
වෛද්‍ය එච්. එම්. සේනාධීර මහතා
වෛද්‍ය මයුරි බණ්ඩාර මහත්මිය
වෛද්‍ය හලීම් දීන් මහතා
වෛද්‍ය ඒ. එම්. එම්. බී. අබේසිංහ මහතා
වෛද්‍ය අලුපොත කුඹුර මහතා
වෛද්‍ය කාංචනමාලා නවරත්න මහත්මිය
වෛද්‍ය තේජා කාන්ති ධර්මවර්ධන මහත්මිය
වෛද්‍ය අශෝක අයංගොඩ මහතා
වෛද්‍ය එච්. එම්. සේනතිලක මහතා
වෛද්‍ය පියසීලි ජයසූරිය මහත්මිය
වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ජී. එස්. කුමාර මහතා
වෛද්‍ය මානෙල් ජයසුන්දර මහත්මිය
සමස්ත නුවර ඔසු පවුලේ සැමටත්, ආයුර්වේදයේ මහා විස්මිත සුවය අත්විඳීමට පැමිණි ඔබ සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය!
Shopping Cart
×

Security Verification

Please solve this quick math question to complete your subscription safely.

Scroll to Top
×